බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් පිටියෙන් සමුදෙයි

කැනඩාවේ පැවැත්වෙන 20යි 20 තරඟාවලියෙන් අනතුරුව තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් ප්‍රකාශ කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

2015 වසරේදී බ්‍රෙන්ඩන් මැකලම් ටෙස්ට් සහ එක්දින තරඟවලින් සමුගත් අතර පසුව ප්‍රාන්ත තරඟ සදහා පමණක් ක්‍රිඩා කළේය.

ඔහු සිය ක්‍රිකට් දිවියෙන්ම සමුගැනිමට තීරණය කර ඇති අතර මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ වසර 20ක වෘත්තිය ක්‍රිකට් ජිවිතය තුල තමන් ලබාගත් දේ පිළිබඳව ආඩම්බර වන බවයි.

බ්‍රෙන්ඩන් මැකලම් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 101කට එක්දින ජාත්‍යන්තර තරඟ 260කට සහ 20යි 20 තරඟ 71කට සහභාගී වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here