බට්ලර්ගේ පිත්ත එංගලන්තය දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අදාළව ඊයේ (23) පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට සත්කාරක එංගන්තය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7ක් බිද වැටී ලබාගත හැකි වූයේ ලකුණු 127ක් පමණි. එහිදි වැඩිම ලකුණුලාභීයා වූයේ ලකුණු 50ක් සමගින් අර්ධ ශතකයක් ලබාගත් දසුන් ශානකය. ඊට අමතරව නායක කුසල් පෙරේරා ලකුණූ 30ක් ලබාගත්තේය.

පනදු යැවීමේදී සෑම් කරන් සහ අඩිල් රෂීඩ් කඩුලු 2 බැගින් බිද දැමූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංලන්තය පන්දු 17ක් ඉතිරිව තිබියදී තරගය පහසුවෙන් ජයගත්තේ කඩුලු 2ක් පමණක් බිද වැටී තිබියදීය.

වේගවත් ලකුණු 68ක් ලබාගත් ජෝස් බට්ලර් තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය.

දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් බිද හෙලීය.

අද (24) දෙවැනි විස්සයි විස්ස තරගය පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here