බටහිර ඉන්දිය කොදෙව් පිල පරදා ඉන්දියාව ජයගනී..

ඉන්දියාව හා බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පෝට් ඔෆ් ස්පේන් හිදී ඊයේ පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඉන්දීය කණ්ඩායම ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ජයග්‍රහණය හිමිවිය.

කාසියේ වාසිය දිනාගනිමින් මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලූ හතකට ලකුණු සංඛ්‍යාව 279 ක් ලබාගත් අතර වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවූ හෙයින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 46 කදී ලකුණු 270 ක ඉලක්කයක් හිමිවිය.

එහෙත් පන්දු වාර 42 කදී සියලූ ක්‍රීඩකයන් දැවී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 210 ක් පමණයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here