බංග්ලාදේශ 19න් පහළ ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා පුහුණු කඳවුරකට සහභාගී වී සිටි ක්රීඩකයින් තිදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව බංග්ලාදේශ ක්රිකට් ආයතනය සඳහන් කර ඇත.
ඒ අනුව ඔවුන් සමග සමීපව කටයුතු කළ සියලු ක්රීඩකයින් නිරෝධායනයට ලක්කිරීමට සහ කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකිරීමට තීරණය කර තිබේ.
එමෙන්ම අදාළ පුහුණු කඳවුර ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.