බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මොටාසාගෙන් දුලබ වාර්තාවක්

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆි මොටාසාට ජාතික ක්‍රීඩා කණ්ඩායමක ක්‍රීඩකයෙක් හා නායකයෙක් වශයෙන් සිටියදී උදාකරගැනීමට ලැබෙන දුර්ලභ අවස්තාවකට හිමිකම් කීමට පසුගියදා අවස්තාව උදාවිය. ඒ රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කරමින් සිටියදීම තාමගේ රටේ පාර්ලිමේන්තු ආසනයකටද හිමිකම් කීමේ පළමු අවස්ථාව උදාකරගැනීමට මෂ්රෆි මොටාසා පසුගියදා සමත්විමත් සමගිනි. ඒ එරට 11 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් මොටාසා ජයගැනීමට සමත්වීමෙනි.

අවාමි ලීගය නියෝජනය කරමින් නරෙල් -2 ඡන්ද කොට්ඨාශයෙන් තරග කළ මොටාසා ඡන්ද 274,418ක් ලබාගැනීමට සමත්වූ අතර, එය එම ආසනයේ ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 96%කට ආසන්න වීමම මොටාසාගේ ජනප්‍රියතාවය පිළිබඳ ඉඟියකි. එහිදී මොටසාගේ ප්‍රතිවාදියාට ලැබී ඇත්තේ ඡන්ද 8,006ක් පමණි.

දෙසැම්බර් 30 වැනිදා පැවතී මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මොටාසා විසින් ආරම්භ කර ඇත්තේද දෙසැමබර් 22 වැනිදා වන අතර එතරම් කෙටි කාලයකින් මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ඔහු සමත්ව ඇත. හෙට (05) ආරම්භ වන බංග්ලාදේශ ප්‍රිමියර් ලිග් තරගාවලියෙන් යළිත් ක්‍රිකට් පිටියට අවතීර්ණ වන මොටාසා පසුගිය වර ශුරතාවය දිනාගත් රංග්පූර් රයිඩර්ස් කණ්ඩායමේ නායකයාද වේ.

මේ වනවිට ජාත්‍යන්තර ටෙස්ට් හා විස්සයි විස්ස ක්‍රිකට් වලට සමුදී ඇති මොටාසා එළඹෙන එක්දින ලෝකා කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සුදානම් බවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here