බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 33 පරාජයක් …

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මීර්පූර්හිදී පැවැතුනු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 257ක් ලබා ගනිමිනි.  තරගය ජය ගැනීම සදහා කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 48.1ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 224ක් පමණයි.

නායක කුසල් ජනිත් ලකුණු 30කටත්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 21කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 24කටත් දැවී ගියා. හුදෙකලා සටනක් දියත් කළ වනිදු හසරංග පන්දු 60කින් ලකුණු 74ක් ලබා ගත් නමුත් තරගයේ ජයග්‍රහනයට එය ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී අනර්ඝ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ මෙහිදි හසාන් මිරාස් සිය පන්දුවාර 10 යවා නිමා කළේ ලකුණු 30ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගනිමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here