බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම, බංග්ලාදේශ නැඟී එන ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ පසුගිය 24දා බංග්ලාදේශයේ කුල්නා නුවර ෂෙයික් අබු නසීර් ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි තරගය කඩුලු හතකින් ජයගැනීමත් සමගය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැඟී එන පිල පන්දු වාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 269 රැස්කරගත් අතර ශ්‍රී ලංකා නැඟී එන පිල පන්දුවාර 24කදී කඩුලු 3ක් දැවී ලකුණු 199ක් ලබාගෙන ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව තරගය ජයගැනීමට සමත් විය.

එහිදී ශ්‍රී ලංකා නැඟී එන පිල වෙනුවන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 115ක්ද, මිනෝද් භානුක ලකුණු 55ක්ද රැස්කරගනිමින් ශ්‍රී ලංකා නැඟී එන පිල ජයග්‍රහණය කරා රැගෙනයාමට සමත් විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here