බංගලියන් පරදා තරංග ලංකාවට ජය ගෙනෙයි

ඉන්දියාවේදී පැවැත්වෙන Road Safty ක්‍රිකට් තරග මාලාවට අදාළව අද (10) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 42ක ජයක් ලැබීය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 180ක් ලබාගත්තේය. උපුල් තරංග එහිදී නොදැවී ලකුණු 99 ලබාගත්තේ පන්දු 47කිනි. ඊට 6 පහර 5ක් සහ 4 පහර 11ක් අන්තර්ගත විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසනදී කඩුලු 6ක් බිඳවැටී ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණි.

පන්දු යැවීමේදී නායක තිලකරත්න දිල්ශාන් කඩුලු 3ක් බිඳ දැමීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here