පූරාන්ට තරග තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ක්‍රීඩක නිකොලස් පූරාන් හට T20 තරග හතරක තහනමක් පනවා ඇත. ඒ පසුගිය සඳුදා (11) ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලක්නව්හිදී පැවති එක්දින තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට ගත් උත්සාහය හේතුවෙන්.

ඔහු තමා විසින් සිදුවූ වරද පිළිගෙන ඇති අතර, ඒ වෙනුවෙන් තම කණ්ඩායමෙනුත්, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙනුත්, ආධාරකරුවෙන්ගෙනුත්, සමාවගැනීමට කැමති බවත් නැවත ඔහු අතින් එවැනි වරදක් සිදු නොවනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඔහුට ඇෆ්ගනිස්ථානය සමගින් එළැඹෙන T20 තරග 3 ඇතුළු තරග හතරක තහනමක් මේ වනවිට පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here