පුහුණු තරඟයෙන් නවසීලන්තය ජයගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ක්‍රීඩාංගනයේදී අද පැවති විස්සයි විස්ස පුහුණු තරගය ලකුණු 35 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. 

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 168 ක් රැස් කළා. 

රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත්තේ ලකුණු 135 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here