පුහුණු තරගයෙන් පසු කිහිපදෙනෙක් එක්දින සංචිතයෙන් හැලෙයි

බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවති පුහුණු තරගයෙන් අනතුරුව එක්දින තරගාවලිය සඳහා වන ක්‍රීඩකයන් 16දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (24) නිකුත් කළේය. මූලික සංචිතයේ සිටි ක්‍රීඩකයන් 6දෙනෙකුට එහි සිය ස්ථාන අහිමි වී තිබේ.

ඒ නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, අමිල අපොන්සු, ලහිරු මධුසංක හා ලක්ෂාන් සඳකැන්ට එලෙස අවස්ථාව අහිමි වී ඇති අතර, දසුන් ශානක දෙවැනිහා තෙවැනි එක්දින තරග සඳහා සංචිතයට ඇතුළත් කර ඇත්තේ ලසිත් මාලිංග පළමු එක්දින තරගයෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගැනීමට නියමිත නිසාවෙනි.

මෙම පුහුණු තරගයේදී මෙම කුීඩකයන්ගෙන් අපේක්ෂිත දක්ෂතා දක්නට නොලැබීම නිසාවෙන් මෙවර සංචිතයේ ඉඩකඩ අහිමි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here