පුහුණුකරුවෙක් වෙන්න කැමතියි – අජන්ත මෙන්ඩිස්

පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්, පුහුණු කරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සියලු සුදුසුකම් සපුරා ඇති බැවින් ඉදිරියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්වී කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කර සිටියා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය සමුගැනීම නිල වශයෙන් දැනුම්දීමට ඊයේ (02දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම තමන් ක්‍රීඩා පිටියෙන් සමුගන්නේ රැල්ලට නොවන බවත් සහ කිසිදු කලකිරීමකින් නොවන බවත්, වසර කිහිපයක සිට ආබාධයකින් පෙලුණු බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු එහිදි තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here