පිතිකරුවන් මාලිංගට මෙච්චරටම බය හේතුව නසාර් හුසේන් හෙලිකරයි

ක්‍රිකට් ලොව යෝකර් රජු ලෙස කිරුළු පලන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට ක්‍රිකට් දැවැන්තයින් මෙතරම් බියක් දක්වන්නේ ඇයිද යන්න පසුගියදා හෙළිකර තිබුණි. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගය පැවැති අතරතුරදීය.

ලසිත් මාලංග එම තරගයෙන් අනතුරුව ලෝක කුසලාන ක්‍රිකට් තරග වලට සමුදුන්නේය. එහිදි විස්තර විචාරක කුටියේ සිටි නසාර් හුසෙන් පැවසුවේ මෙවැන්නකි.

“මාලිංග වගේ පන්දු යවන්නෙක් අද වෙනකල් ඉඳලත් නෑ, ඒ වගේම අනාගතයේ ඉන්න එකකුත් නෑ. ඒ වගේම තමයි තරුණ ළමයෙක්ට මාලංග වාගේ බෝල් කරන්න කියලා උගන්වන්නත් අපිට අමාරුයි.
ඔහුගේ පන්දුව එන්නේ හරියටම විනිසුරුගේ පපුව කෙළින්. ඕනෑම මොහොතක ඔබේ පාදයට හෝ ඔලුවට පන්දුවක් දාන එක මාලිංගට හරිම පහසුයි. ඒත් විශේෂත්වය වන්නේ ඔහුගේ ඉරියව්ව එකමයි. ඉතින් ඒ වගේ පන්දුයවන්නෙක් පිතිකරුවන්ට ඉතාම භායානකයි.”

ක්‍රිකට් ලොව නම් දැරූ පතාක යෝධයන් වන් පිතිකරුවන් මේ පුංචි රටෙන් කලින් කලට බිහිවූ පන්දු යවන්නන්ට බියවූයේ ඔවුන්ට අනන්‍ය සුවිශේෂී දක්ෂතාවයන් නිසාවෙනි.

ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් හා එක්දින යන අංශ දෙකෙන්ම ලොව වැඩිම කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් යනු එවැන්නෙකි. වමත් වේගපන්දුවෙන් තරගයේ පළමු පන්දුවාරයේදීම ප්‍රතිවාදී ආරම්භක පිතිකරුවන් බොහෝ පහසුවෙන් ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ චමින්ද වාස් ද එවන් විශිෂ්ටයෙකි. එහි නවතම පුරුක යොක්ර් රජු ලසිත් මාලිංගය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here