පැතුම්ගේ මංගල ශතකයත් සමග කොදෙව්වන්ට ප්‍රබල අභියෝගයක්

බටහිර ඉන්දීය කොදෙව් දේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඒ එවැනි දස්කමක් කළ ශ්‍රී ලංකාවේ සිව්වැනියා බවට ද පත්වෙමිනි.
එම තරගයේ සිව්වැනි දිනය නිමාවන විට කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් එක් කඩුල්පක් බිඳ වැටී ලකුණු 34ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව තරගයේ අවසන් දිනය වන අද (25) ජයග්‍රහණය සඳහා ඔවුනට තවත් ලකුණු 341ක් අවශ්‍යය. ඒ සඳහා කඩුලු 9ක් ඉතිරිව තිබේ.
යළි සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 476ක් ලබාගත්තේය. එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 103, නිරෝෂන් දික්වැල්ල ලකුණු 96, ඕෂද ප්‍රනාන්දු ලකුණු 91, ලහිරු තිරිමාන්න ලකුණු 76ක් සහ ධනංජව ද සිල්වා ලකුණු 50කින් සිය දායකත්වය ලබාදුන්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here