පාසල් ලීග් රග්බි ශුරතාව කොළඹ රාජකීයයන් දිනාගනී

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලැබු පාසල් ලීග් රග්බි තරගාවලිය – 2019 ශුරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය. ඔවුන් මෙවර එය දිනාගනු ලැබුවේ අඛණ්ඩව තෙවැනි වතාවට වීම විශේෂත්වයකි.

කොළඹ රාජකීය විද්‍යාලය හා සාන්ත ජෝෂප් විද්‍යාලය අතර පැවති තරගයේදී ලකුණු 24 – 17ක් වශයෙන් ජය වාර්තා කිරීමට රාජකීයයන් සමත්විය. තරගය රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකිර්ණයේදී පැවැත්විණි. ඒ සමගම රාජකීයයන් ප්‍රසාද ලකුණක්ද සමගින් සාන්ත පීතර විද්‍යාලය අභිබවා යමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

රාජකීය විද්‍යාලය ගෝල දිනුම් 2ක් සහ උත්සාහක දිනුම් 2ක් ලබාගත් අතර, ජෝෂප් ක්‍රීඩකයන්ට ලබාගතහැකි වූයේ ගෝල දිනුම් 2ක් සහ එක් දඩුවම් පහරක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here