ආර්ජන්ටිනා පාපන්දු නායක ජාත්‍යන්තර ක්‍රීඩක ලියොනාල් මෙසීට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය විසින් මාස 3ක පාපන්දු තහනමක් පනවා තිබෙනවා.
ඒ, දකුණු ඇමරිකානු ‘කෝපා ඇමරිකා’ පාපන්දු තරගාවලිය දූෂිත එකක් බවට ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන්.
පසුගිය දා අවසන් වූ තරගාවලියේදී ආජන්ටිනාව චිලී දේශය පරදවා තුන් වන ස්ථානයට පත්වූ අතර, මෙසී රතු කාඞ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු කටයුතු කළා.
පසුව මෙසී ප්‍රකාශ කර තිබුණේ මෙම තරගාවලිය බ්‍රසීලයට ජයග්‍රහණය ලබා ගැනීම සඳහා සකසා තිබූ බවයි.
ඒ හේතුවෙන් මාස 3ක ජාත්‍යන්තර පාපන්දු තහනමට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 50,000ක දඩයක් ද නියම කර තිබෙනවා.
32 හැවිරිදි මෙසී ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම ද නියෝජනය කරන අතර, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ රන් පාපන්දුව 5 වතාවක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙක්.