පාකිස්ථාන – ඕස්ට්‍රේලියා T20 ජය ඕස්ට්‍රේලියාවට

සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තරග 3 කින් යුත් T20 තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ අද පැවති තෙවන හා අවසන් තරගය කඩුලු 10කින් ජයගැනීමත් සමගින්.

පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගනයේ පැවති අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්ථානු කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 108ක් රැස්කළා. ඉෆ්තික්කර් අහමඩ් ලකුණු 45ක්ද, ඉමාම් උල් හක් ලකුණු 14ක් ද රැස්කළ අතර අන් ක්‍රීඩකයන් කිසිවෙක්ටවත් ලකුණු 10 සීමාව පසු කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. කේන් රිචඩ්සන් කඩුලු 3ක්ද, සීන් ඇබොට් සහ මිචෙල් ස්ටාක් කඩුලු 2 බැගින්ද, ඇස්ටන් අගර් එක් කඩුල්ලක්ද දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 11.5කදී කිසිවෙක් නොදැවී ජයග්‍රාහී සීමාව පසු කළා. ආරොන් ෆින්ච් ලකුණු 52ක්ද, ඩේවිඩ් වෝනර් ලකුණු 48ක්ද රැස්කළා.

දෙරට අතර පළමු T20 තරගය ජය පරාජයකින් තොරව නිම වූ අතර, දෙවන තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7කින් ජයගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here