පාකිස්ථානු සංචාරයට ආරක්ෂාව ලැබෙයිද?

එළැඹෙන 27 වනදා පාකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්ථාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නිල නොවන ආරංචි මාර්ග මගින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත තොරතුරු ලැබී ඇති අතර, ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෙත දැනුම් දී තිබෙනවා.

ඒ හේතුවෙන් පාකිස්ථාන සංචාරයට පෙර එරටේ ආරක්ෂාව තහවුරු කර දීමට සහාය වන මෙන් ක්‍රිකට් ආයතනය මගින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ සංචාරයකට සහභාගි වන්නේ 2009 වසරේදීයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණු අතර, ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තුවාල ලැබුවා.  

ඉන් වසර දහයකට පසුව පාකිස්ථානය වෙත යන ශ්‍රී ලංකා කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සහභාගී නොවීමද විශේෂත්වයක් වනවා.    


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here