පාකිස්තානු ක්‍රීඩකයෝ 3ක් එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත්වෙයි…

පාකිස්තාන කණ්ඩායමේ නවසිලන්ත තරග සංචාරය හේතුවෙන් පාකිස්තාන ක්‍රීඩකයින් තුන්දෙනකුට ලබන 26 වෙනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවී යනු ඇත. නවසිලන්ත සංචාරය සදහා ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසින් නම් කල අතර ඊට මොහොමඩ් හෆිස්, වහබ් රියාස්, හා සර්ෆාස් අහමඩ් තිදෙනාම ඇතුලත්ව සිටිති.

සර්ෆාස් අහමඩ් ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමටත්, වහබ් රියාස් මහනුවර ටස්කර්ස් කණ්ඩායමටත්, මොහොමඩ් හෆිස් කොළඹ කිංග්ස් කණ්ඩායම සදහාත් ක්‍රීඩා කිරීමට තෝරාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here