පාකිස්තානුවන් ලිලිපුට්ටන් බවට පත්කළ කොදෙව් ගලිවර්ගේ ප්‍රහාරය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙවැනි තරගය ලෙස ඊයේ (31) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තානය අතර පැවති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී පාකිස්තානයට ලබාදුන් කොදෙව් නායකයා පන්දු යැවීම තෝරාගත්තේය. ඒ අනුව කොදෙව් පන්දුයවන්නෝ තමාගේ වගකීම ඉතා හොඳින් ඉටුකරනු ලැබුවේ ලෝක කුසලානයසිනාගැනීම පිළිබඳ කොදෙව් දේශයේ බලාපොරොත්තු තව තවත් ඉහළට නංවමිනි.

ඒ අනුව ඔවුන් විසින් පාකිස්තානු ඉනිම පන්දුවාර 21.4කදී අවසන් කරනු ලැබුවේ ලකුණු 105කට ඔවුන්ව සීමා කරමිනි. ෆාකර් සමාන් හා බාබර් අසාම් පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණුලාභීන් බවට පත්වූයේ ලකුණු 22 බැගින් ලබාගනිමිනි. පන්දුයැවීමේදී තෝමස් කඩුලු 4ක්, හෝල්ඩර් කඩුලු 3ක් සහ රසල් කඩුලු 2ක් බැගින් දවාගනිමින් කඩුලු දඩයමේ වැඩි ගෞරවය දිනාගැනීමට සමත්වූහ.

බ.ඉ. කොදෙව් කණ්ඩායම පිළිතුරු ඉනිම පන්දුවාර 13.4කින් අවසන් කරනු ලැබුවේ පාකිස්තානය කොදෙව් ගලිවරයන් හමුවේ ලිලිපුට්ටන් බවට පත්කරමිනි. ක්‍රිකට් ලොව ගලිවර් බඳු ක්‍රිස් ගේල් මෙම ප්‍රහාරයේ නියමුවා බවට පත්වූයේ අර්ධ ශතකයක්ද ලබාගනිමිනි. ඊට අමතරව පූරාන්ගේ පිත්තෙන්ද ලකුණු 34ක් එකතුවිය. මේ අතරතුර කොදෙව් ඉනිමේ කඩුලු 3ක් බිඳදැමීමට පාකිස්තානය සමත්වූ අතර එම කඩුලු තුනම මොහොමඩ් අමීර්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (01) පස්වරු 3.00 නවසීලන්තය සමග ආරම්භ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here