පාකිස්තානයේ අවසන් පූර්ව සිහිනයට බංගලාදේශය තිත තබයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 43වැනි තරගය ලෙස ඊයේ (05) බංගපාදේශයහා පාකිස්තානය අතර පැවති තරගයෙන් ලකුණු 94ක් විශෂ්ට ජයක් ලැබීමට පාකිස්තානය සමත්විය. ඒ සමගම ලකුණු 11ක් ලබාසිටි නවසීලන්තය සමග සමතැන් ගැනීමට ඔවුන් සමත් වුවද දල ලකුණු ලබාගැනීමේ වේගය අතින් නවසීලන්තයට වඩා පිටුපසින් සිටීම හේතුවෙන් පාකිස්තානයට පස්වැනි ස්ථානය හිමිවිය.

ඒ සමගම අවසන් පූර්ව වටයට පිවිසීමේ පාකිස්තානයේ අවසන් බලාපොරොත්තුවට ද තිත තැබුණි. පාකස්තානයේ දල ලකුණු ලබාගැනීමේ වේගය -0.43ක් වන අතර, නවසීලන්තයේ එම අගය 0.175ක් වේ.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 තුළ කඩුලු 9කට ලකුණු 315ක් රැස්කිරීමට සමත්විය. ඉමාම් උල් හල් ශතකයක් ලබාගත්තේ ලකුණු 100ක් ලබාගනිමිනි. බාබර් අසාම් ඉතා අවාසනාවන්ත අයුරින් ලකුණු 96කට දැවී ගියේය. බංගලාදේශය වෙනුවෙන් මුස්ටෆිසර් රහමාන් ලකුණු 75කට කඩුලු 5ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් බංගලාදේශයට පන්දුවාර 44.1කදී සියලුදෙනාම දැවී ලබාගතහැකි වූයේ ලකුණු 221ක් පමණි.ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ෂකිබ් අල් සහන් ලකුණු 74ක් ලබාගත්තේය.

විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ ෂහින් ෂා අෆ්රඩි ලකුණු 35කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත්විය. ඒ නිසාවෙන්ම තරගා වීරයා සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here