ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරු වෙන්දේසිය දෙසැම්බරයේදී

2020දී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් වෙන්දේසිය දෙසැම්බර් මස 19 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා.

සම්ප්‍රදායිකව බැංගලෝර්හිදී පැවැත්වුණු මෙම වෙන්දේසිය මෙවර පැවැත්වෙන්නේ කොල්කටාවලදී වීම විශේෂත්වයක්.

2008 වසරේදී ආරම්භ වී වාර්ෂිකව පවත්වාගෙන එන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 13 වැනි වරටයි.

2020 මාර්තු මස 23 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මැයි මස 12 වැනිදා අවසන් වීමට නියමිතයි.

මෙහි පළමු තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා 2019 වසරේ ශූරතාවය දිනූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අතර  මාර්තු මස 23දා චෙන්නායිහි එම්.ඒ.චිදම්බරම් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here