ප්‍රබල ඉන්දියාව ඕස්ට්‍රේලියාවටත් හොඳහැටි සලකයි

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහභාගී වූ දෙවන තරගය ඊයේ (09) පැවතියේ ඕස්ට්‍රේලියාව සමගිනි. මෙතෙක් තමන් සහභාගී වූ තරග දෙකම ජයගෙන සිටි කැන්ගරුවන්ට ඊයේ ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු36ක් පරාජය ලැබීමත් සමග අඩියක් පසුපසට ගැනීමට සිදුවිය. ඒ අනුව ඉන්දීයාව මේ වනවිට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර එහි ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ඉන්දීය නායක විරාත් කෝලී තීරණය කරනු ලැබුවේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය. ඒ අනුව පිට්යට පිවිසි ඉන්දීය ආරම්භක පිත්කරුවන් යුගලය ශක්තිමත් ආරම්භයක් ලබාදුන් අතර සෙසු පිතිකරුවන් එය ඉදිරියට රැගෙන ගියේය. එහි ප්‍රතිඵලයවූයේ පන්දුවාර 50 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 5කට ලකුණු 352ක් ලබාගෙන ඕස්ට්‍රේලියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමය.

ෂිකර් ධවාන් ලකුණු 117ක් ලබාගනිමින් ශතකයක් රැස් කළ අතර, නායක විරාත් කෝලි ලකුණු 82ක් රැස් කළේය. පන්දු යැවීමේදී ස්ටොනින්ස් කඩුලු 2ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කැන්ගරුවන්ට ඉන්දීය පන්දු යවන්න්නගේ ග්‍රහණයෙන් මිදීම ලෙහෙසි පහසු කාර්යයක් වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ 50 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී තමාගේ අවසන් කඩුල්ලද ප්‍රතීවාදීන්ට පූජා කරන්නට සිදුවීමය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ස්මිත් ලකුණු 69ක් සහ කඩුලු රකින ක්‍රීඩක කේරී නොදැවී ලකුණු 56ක් රැස්කළද එය ජයග්‍රහණයට ප්‍රමාණාත්මක වූයේ නැත. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් සහ බූම්රා කඩුලු 3 බැගින් බිඳහෙලමින් ඉන්දීය ජය තහවුරු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here