ප්‍රංශයේ පෝල් රිකාඩ් හි ධාවන පථයේදී පැවැති ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ තරගාවලියේ තෙවැනි අදියරට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ඩිලන්ත මාලගමුව මෙහිදී සිව්වන ස්ථානයට පත්විය.
තරගයේ ඒ.එම්. කාණ්ඩයේ තරග වැදුණු ඩිලන්ත තරග වැදුණු අතර ඒ සඳහා තරගකරුවන් 5 දෙනෙකු තරග වැදිණි. ඩිලන්තගේ සහය රියැදුරා වශයෙන් ඉතාලි ජාතික මැස්සිමෝ
මැන්ටොවානි කටයුතු කළේය.
ඉකුත් ඔක්තෝබර් මාසයේදී බෙල්ජියමේ පැවැති යුරෝපියානු ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ දෙවැනි අදියර සඳහා සහභාගි වූ ඩිලන්ත මාලගමුව ඔහු සහභාගි වූ ඉසව් දෙකෙන්ම තෙවැනි ස්ථානයට පත්විය.