පළමු වෙනියා වෙන්න ජස්ප‍්‍රිට් බුම්රා සහ කාගිෂෝ රබාඩා කරට කර සටනක….

අයි.පී.එල්. තරගාවලියේ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජස්ප‍්‍රිට් බුම්රා සහ දිල්ලි කැපිටල් කණ්ඩායමේ කාගිෂෝ රබාඩා අතර සටනක් නිර්මාණය වී තිබේ. ඔවුන් දෙදෙනාම තරග 13 කදී මේ වන විට කඩුලූ 23 බැගින් බිඳ දමා තිබේ.

ජ්ස්ප්‍රිට් බුම්රා පන්දුවාර 52 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමග ලකුණු 362 කට කඩුලූ 23 ක් බි`ද දමා ඇති අතර ඔහුගේ කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 15.73 කි. එබැවින් බුම්රා කඩුලූ ලබා ගැනීමේ සාමාන්‍ය අනුව පළමු තැනට පත්ව තිබේ.

රබාඩා අදාළ කඩුලූ 23 දවා ගැනීමේදී පන්දුවාර 50.4 ක් යවමින් ලකුණු 415 ක් ලබා දී තිබේ. රබාඩාගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 18.04 කි. රබාඩාගේ පන්දුවාරයකට දළ ලකුණු 8.19 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here