පළමු දිනයේ වැඩි ගෞරවය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේ නිමාව සටහන් වනවිට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් බිඳවැටි ලකුණු 321ක් ලබාගෙන සිටි. ගාල්ල වැනි තරමක් මන්දගාමී තණතීරුවක ලකුණු 300කට වැඩි ලකුණු පුවරුවක් යනු ප්රතිවාදීන්ට හොඳ සටනක් ලබාදිය හැකි ලකුණු ප්රමාණයකි. දිනය නිමවන විට බොහෝදෙනෙකුගේ අවදානය දින සිටිනුයේ සිය මංගල ටෙස්ට් තරගයට ක්රීඩා කරන එංගලන්ත ක්රීඩක බෙන් ෆෝක්ස්ය. ඔහු ශතකය ආසන්නයේ සිටිනුයේ ලකුණු 87ක් ලබාගෙනය.

පන්දු යැවීමේදී ශ්රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්රමාණයක් බිඳ දැමීමට සමත්වූයේ දිල්රුවන් පෙරේරාය. ඒ ලකුණු 70කට කඩුලු 4ක් බිඳ දමමිනි. සිය අවසන් ටෙස්ට් තරගයට ක්රීඩා කරන අංක එකේ වමත් දඟ පන්දු යවන්න වන රංගන හේරත්ට අද දිනයේදී ලබාගත හැකි වුයේ එක කඩුල්ලක් පමණි. ඊට අමතරව සුරංග ලක්මාල් කඩුලු 2ක් සහ අකිල ධනංජය එක කඩුල්ලක් බැගින්බි ඳ දැමීය. එංගලන්තය වෙනුවෙන් සාර්ථක වූ අනෙක් පිතිකරුවන් වුයේ සෑම් කරන්, කිට්න් ජෙනින්ස් සහ ජෝස් බට්ලර්ය.

දිවා විවේකයට තරගය නතර කරන විට ශ්රී ලංකාව ඉදිරියෙන් සිටියේ ලකුණු 113කට එංගලන්ත කඩුලු 5ක් බිඳ දමමිනි. එහෙත් දිවා විවේකයෙන් පසුව තරගයේ වැඩි ගෞරවය තමන් සතුකරගැනීමට එංගලන්තය සමත් විය.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

ලකුණු පුවරුව
• RJ Burns 9 (12)
• KK Jennings 46 (53)
• MM Ali 0 (1)
• JE Root 35 (46)
• BA Stokes 7 (19)
• JC Buttler 38 (72)
• BT Foakes (not out) 87 (184)
• SM Curran 48 (104)
• AU Rashid 35 (38)
• MJ Leach (not out) 14 (17)
Extras – 2 (b 1, lb 1)
TOTAL – 321/8 (91 Overs, RR: 3.52)
Yet to bat: JM Anderson
පන්දු යැවීම
RAS Lakmal
15 4 57 2 3.80
MDK Perera
28 4 70 4 2.50
A Dananjaya
20 2 96 1 4.80
HMRKB Herath
25 4 78 1 3.12
DM de Silva
3 0 18 0 6.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here