පළමු තරගයෙන් නවසීලන්තය ජයගනී …

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු 20/20 තරගයෙන් කදුළු 5 ක ජයක් ලබාගැනීමට නවසිලන්ත කණ්ඩායම සමත් උනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්බක කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් කුසල් ජනිත් හා කුසල් මෙන්ඩිස් පන්දු 27 කදී ලකුණු 41 ක වේගවත් සාර්ථක ආරම්භයක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් පන්දු 53 කදී හයේ පහර 2 ක් හා අතරේ පහර 8 ක් සමගින් වේගවත් ලකුණු 79 ක් ලබාගැනීමට සමත්වුණා.

නවසීලන්තයේ පළමු කඩුළු 3 න ලකුණු 39 කට බිද දැමීමට ශ්‍රීලංකා පන්දුයවන්නන් සමත්වූ අතර රෝස් ටේලර් ලකුණු 48 ක් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 44 ක් ලබා ගත්තා.

ලකුණු 175 ක ජයග්‍රාහී ඉලක්කයක් හමාගිය නවසිලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේදී සිය ඉලක්කය සපුරාගැනීමට සමත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here