පළමු තරගයෙන් නවසීලන්තයට පහසු ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී පළමු තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද (01) සමත්විය. තරගය කාඩීෆ්හිදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතකරු ලහිරු තිරිමාන්න තරගයේ දෙවැනි පන්දුවේදීම දවාගැනීමට හෙන්රි සමත්විය. ඉන් ආරම්භවූ සිංහයන්ට එරෙහි කඩුලු දඩයම කිවියන් සාර්ථකව ජයගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29.2කට සීමාකල නවසීලන්තය ශ්‍රී ලංකාවට ලබාදුන්නේ ලකුණු 136ක් පමණි.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පිවිස ආපසු ක්‍රීඩාගරයට ගියේ නොදැවී ලකුණු 52ක් ලබාගෙනය. තිසර පෙරේරා හා කුසල් පෙරේරා පමණක් තරමක සාර්ථකත්වයක් පෙන්වීය. පන්දු යැවීමේදී හෙන්රි හා ෆර්ගසන් කඩුලු 3 බැගින් ලබාගත්හ.

නවසීලන්ත ආරම්භ පිතිකරු යුගලය විසින්ම තරගය අවසන් කරනු ලැබුවේ ඔවුන් දෙදෙනාම නොදැවී අර්ධ ශතක ලබාගනිමිනි. ඔවුන්ට ඒ සඳහා වැයවූයේ පන්දුවාර 16.1ක් පමණි.

මෙවන් අඩු ලකුණු ප්‍රමාණයක් ආරක්ෂා කරගැනීම කිසිසේත්ම පන්දුයවන්නන්ට පහසු කරුණක් නොවූ අතර, එම පීඩනය නිසාවෙන්ම කිසිදු පන්දුයවන්නෙකුට සාර්ථකවීමට ආවස්ථාවක් නොලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here