පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම හා ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගය ඊයේ (25) අවසන් වුයේ ජය පරාජයකින් තොරවය. 

කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ඒ් අනුුව ශ්‍රී ලංකාවට සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 169ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූයේ ලකුණු 70ක් ලබාගත් ලහිරු තිරිමාන්න පමණි. ජේසන් හෝල්ඩර් ලකුනු 27කට කඩුලු 5ක් බිදහෙලීය.

ප්‍රතිවාදින්ගේ පළමු ඉනිම ලකුණු 271කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එම ඉනිමේදී සුරංග ලක්මාල් ලකුණු 47කට කඩුලු 5ක් බිද දැමීය.

දෙවැනි ඉනිමේදී සාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 476ක් ලබාගැනීමට සමත් වූහ. සිය පළමු වෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගැනීමට පැතුම් නිශ්ශංක සමත් විය. ඒ් ලකුණු 103ක් ලබාගනිමිනි. ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 96ක් සහ ඕෂද පනාන්දු ලකුණු 91ක් ලබාගත්හ. ඊට අමතරව ධනංජය ද සිල්වා ලකුණු 50ක් ලබාගත්තේය.

ලකුණු 375ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් බිදවැටී ලකුණු 236ක් ලබාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here