පළමු එක්දින තරගයෙන් ලංකාවට ජය …

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා කොදෙව් කන්ඩායමට ආරාධනා කල අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 289ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 1ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 290ක් ලබා ගත්තේය.

දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක්ද කුසල් පෙරේරා 42ක් ලබාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here