පළමු ඉනිමේ වැඩි ගෞරව බංග්ලාදේශයට

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ඉදිරියෙන් සිටීමට බංග්ලාදේශය සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ පැවැති මෙම තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලදේශය කඩුලු 2ක් බිඳ වැටී ලකුණු 302ක් ලබාගෙන සිටියේය. ඒ වනවිට අගනා ශතකයක් ලබාගෙන සිටි නජිමුල් හොසේන් නොදැවී ලකුණු 126ක් ලබාගෙන සිටි අතර, මොමිනුල් හක් නොදැවී ලකුණු 64ක් ලබා සිටියහ. මීට අමතරව තමීම් ඉක්බාල් ද ලකුණු 58ක් ලබාගෙන තිබුනි.

බංග්ලාදේශ ඉනිමේ බිඳවැටුණු කඩුලු දෙකම දවාගත්තේ විශ්ව ප්‍රනාන්දු විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here