දකුණු අප්රිකාවේ ටෙස්ට් තරග සංචාරයට එක්වීමට නියමිත ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ක්රීඩකයන් 22 දෙදෙනකුගෙන් යුත් මූලික සංචිතයක් පසුගියදා පල්ලේකැලේදී දින 10ක පුහුණු කඳවුරකට එක් විය.
කඳවුර අවසානයේ දිමුත් කරුණාරත්නගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ කණ්ඩායම් අතර, පැවැති දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අතර මෙම පුහුණු තරගය පැවැත්වුණි. එහිදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පළමුව පිති ප්රහාරය දියත් කරමින් ලකුණු 318 ක් ලබා ගත්තේය. එහිදී ශතකයක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර ඔහු සිය ඉනිම අත්හිටුවා අනෙක් පිතිකරුවන්ට පිති ප්රහාරය ලබාදීමට අවස්ථාව ලබා දුන්නේය.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 57 කට දැවී ගිය අතර පළමු වරට ශ්රී ලංකා ටෙස්ට් කඳවුරට නම් කළ සන්තුෂ් ගුණතිලක ලකුණු 58 ක් ලබා ඉනිම අත්හිටුවා දැමුවේය. පන්දු යැවීමේදී දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම වෙනුවෙන් ඩිල්රුවන් පෙරේරා කඩුලූ 3 ක්ද, දුෂ්මන්ත චමීර කඩුලූ 2 ක් සහ කසුන් රාජිත කඩුලූ 2 ක වශයෙන් බිඳ දැමීය.
දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම කඩුලූ 5 කට ලකුණු 231 ක් ලබා ගත් අතර අතර නායකයා වශයෙන් පදම් වූ කරුණාරත්න ලකුණු 78 ක් ලබා ඉනිම අත්හිටුවා අනෙක් පිතිකරුවන්ට පහර දීමේ අවස්ථාව ලබාදුන්නේය. ළහිරු තිරිමාන්නද ලකුණු 62 ක් ලබා ඉනිම අත්හිටුවනු ලැබූ අතර ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 43 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලූ 2 ක් බිඳ දැමීය.