පරාජිත ශ‍්‍රී ලංකා පිල ඒකාබද්ද මාධ්‍ය හමුව වර්ජනය කරයි.. අකටයුතුකම් වලට විරෝධය පෑවාලු.. ICCය අනතුරු අගවයි..

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවති ඕස්ට්‍රේලියානු තරගය පරාජය වීමෙන් පසු මාධ්‍ය හමුවේ පෙනී සිටියේ නැත.

සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරඟාවලියේ තරගයකින් පසු කණ්ඩායම් දෙකම එක් මාධ්‍ය හමුවක පෙනී සිටී.

ශ්‍රී ලංකා පිල මෙම මාධ්‍ය හමුව ර්ජනය කර ඇත්තේ තරගාවලියේදී තමනට සිදුව ඇති අකටයුතුකම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් යැයි ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දන්වා තිබිණි.

මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව බරපතළ පසුබෑමකට ලක්ව සිටින අතර තරග පහකට සහභාගි වී ජයගෙන ඇත්තේ ඇෆ්ගනිස්තාන තරගය පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here