පන්දු රැකීමේ විශේෂඥයෙක් නවසීලන්තයේදී ශ්‍රී ලංකාවට එකතු වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් රික්සන් මහතාව පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය. ඒ මහතා එම තනතුරේ පළමු වරට කටයුතු කරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත සංචාරය අතරතුරදී දෙසැම්බර් 24 වැනිදාය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වන අතර මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන මනෝජ් අබේවික්‍රම මහතා පළමු ටෙස්ට් තරග 2 සඳහා පමනක් එම තනතුරේ කටයුතු කරනු ඇත. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණ A කණ්ඩායම සමඟ එකතු වීමට නියමිතය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 13කට සහ එක්දින තරග 6කට සහභාගි වී ඇති රික්සන් මහතා, මිට පෙර පාකිස්තානු කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කල අතර, එම කාලය තුල පන්දු රැකිම අතින් පාකිස්තානය ඉහළටම රැගෙන ඒමට ඔහු සමත්විය. ඊට පෙර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම්වල සහාය පුහුණුකරු ලෙසද ඔහු කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here