පන්දුව පළුදු කරන්න කිවේ වෝනර් – කැමරන් බැන්ක්‍රොෆ්ට්

ඔස්ටේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුරදී තමා විසින් පන්දුව පළුදු කළේ කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වොනර්ගේ ඉල්ලීමක් මත බව එම චෝදනාවට වරදකරුවෙක් බවට පත්වූ කැමරන් බැන්ක්‍රොෆ්ට් තමාගේ තරග තහනම ඉවත්වීමෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවකදී පැවසිය. තවද එවකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වූ ස්ටීවන් ස්මිත් නිහඬව සිටිමින් එය අනුමත කළ බවද ඔහු එහිදී පැවසිය. කණ්ඩායමේ රැඳී සිටීමට හා ක්‍රීඩකයන් අතර ගෞරවය ලබාගැනීමෙන් අරමුණෙන් එලෙස සිදුකළද තමා එදා සිදුකළේ විශාල වරදක් බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

එම වරදට දඬුවම් වශයෙන් ඕස්ට්‍රේලියානු නායකයාව සිටි ස්ටීවන් ස්මිත් හා උප නායකයා වූ ඩේවිඩ් වොනර්ට වසරක තරග තහනමක් පැනවූ අතර, කැමරන් බැන්ක්‍රොෆ්ට් හට මාස 9ක තරග තැනමක පැනවිණි. එම තහනම නිමාවීමෙන් අනතුරුව දෙසැම්බර් 30 වැනි දින කැමරන් බැන්ක්‍රොෆ්ට් බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේදී යළිත් ක්‍රිකට් පිටියට පිවිසීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here