පදක්කම් 200 පසු කරමින් ශ්‍රී ලංකා සාග් ඉතිසාහය වෙනස් වෙයි

නේපාලයේ කත්මණ්ඩු සහ පොකේරා නුවර ආශ්‍රිතව පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය වන ඊයේ දිනය අවසානය වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 201ක් හිමි කරගනිමින් ශ්‍රී ලංකා සාග් ඉතිහාසයේ ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව සනිටුහන් කළා. ඒ මීට පෙර 2016 වසරේ පැවති සාග් උළෙලේදී ලබාගත් පදක්කම් 186 වාර්තාව බිඳදමමින්.

රන් පදක්කම් 36ක්ද, රිදී පදක්කම් 71ක් ද හා ලෝකඩ පදක්කම් 94ක්ද ලබාගනිමින් සමස්ත පදක්කම් 201කට මේ වනවිට උරුමකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායම 13 වැනි සාග් තරගාවලියේ 3 වැනි ස්ථානය ලබාගෙන සිටියි. මෙහි පළමු ස්ථානය ඉන්දීය කණ්ඩායමටත්, දෙවන ස්ථානය සත්කාරක නේපාල කණ්ඩායමටත් හිමි වී තිබේ.

එසේම මෙම වසරේ මලල ක්‍රීඩා අංශයේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව වන රන් පදක්කම් 15ක් හිමි කරගනිමින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ. අද දිනයේ සහ අවසාන දිනය වන හෙට දිනයේ තවත් තරග රැසක් පැවැත්වීමට නියමිතව පවතිනවා.

අට වන දිනය අවසාන වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන තිබෙන පදක්කම් සංඛ්‍යාව පහත පරිදි වෙනවා.

මලල ක්‍රීඩා
රන්-15, රිදී-12, ලෝකඩ-8

පිහිනුම්
රන්-4, රිදී-10, ලෝකඩ-15

ටයිකොන්ඩෝ
රන්-4, රිදී-8, ලෝකඩ-15

මල්ලවපොර
රන්-2, රිදී-8, ලෝකඩ-2

බර ඉසිලීම
රන්-2, රිදී-8, ලෝකඩ-1

වුෂූ
රන්-2, රිදී-5, ලෝකඩ-7

බීච් වොලිබෝල්
රන්-2, රිදී-2, ලෝකඩ-0

ගෝල්ෆ්
රන්-2, රිදී-0, ලෝකඩ-2

බැඩ්මින්ටන්
රන්-1, රිදී-5, ලෝකඩ-3

ජූඩෝ
රන්-1, රිදී-2, ලෝකඩ-3

තුන් ප්‍රයාම
රන්-1, රිදී-0, ලෝකඩ-3

කරාතේ
රන්-0, රිදී-4, ලෝකඩ-15

බයිසිකල් පැදීම
රන්-0, රිදී-2, ලෝකඩ-4

ටේබල් ටෙනිස්
රන්-0, රිදී-1, ලෝකඩ-15

වෙඩි තැබීම
රන්-0, රිදී-1, ලෝකඩ-2

ටෙනිස්
රන්-0, රිදී-1, ලෝකඩ-1

දුනු විදීම
රන්-0, රිදී-1, ලෝකඩ-0

ක්‍රිකට්
රන්-0, රිදී-1, ලෝකඩ-0

කඩු සටන්
රන්-0, රිදී-0, ලෝකඩ-5

වොලිබෝල්
රන්-0, රිදී-0, ලෝකඩ-2

හෑන්ඩ් බෝල්
රන්-0, රිදී-0, ලෝකඩ-1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here