නුවරඑළියේ බොක්සිං දියුණු කරන්න බොක්සිං සංගමයෙන් අත හිත

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල්වල බොක්සිං ක්‍රීඩාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බොක්සිං ක්‍රීඩා උපකරණ බෙදාදීමක් බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි බොක්සිං සංගම් මුලස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

නුවරඑලිය අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් 25ක් සඳහා මේ වනවිටත් ක්‍රියාත්මක වන පුහුණු වැඩමුළුවේදී භාවිතා කිරීම සඳහා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සුසන්ත වීරසේන මහතා වෙත මෙම උපකරණ නිල වශයෙන් භාරදීම එදින සිදුකෙරිණි.

මෙම වැඩසටහන සඳහා එංගලන්තයේ ස්ලින්ටන් බොක්සිං ක්‍රීඩා සමාජයේ සභාපති ලෙනී හෙග්ලන්ඩ් සහ මොහාන් සමරසිංහ යන අය ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here