නුවන් ප්‍රදීප්ට ලෝක කුසලානයේ මීළඟ තරග දෙක අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට බංගලාදේශය හා ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වීමට නියමිත මීළඟ තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් මගින් සඳහන් කරයි.

ඒ අනිද්දා (11) දිනයේදී බංගලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් අද (09) ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් සිදුකරමින් සිටියදී ඔහුට සිදුවූ ආබාධයක් හේතුවෙනි. පන්දු යැවීමේ දැල තුළදී නුවන් ප්‍රදීප් විසින් යැවූ පන්දුවකට කුසල් පෙරේරා එල්ල කල පහරක් කෙළින්ම නුවන්ගේ හිස දෙසට පැමිණ ඇති අතර, එය දකුණු අතින් වැළැක්වීමට යෑමේදී ඔහුගේ අතේ ඇගිලි හා අත මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ඔහුගේ් තත්වය බරපතල නොවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි.

කෙසේ වෙතත් ඔහුට යථා තත්වයට පැමිණීමට සතියක පමණ කාලයක් ගතවනු ඇත් බව ද තේරීම් කමිටු සභාපති අසාන්තා ද මෙල් මහතා පැවසීය.

මේ අනුව නුවන් ප්‍රදිප්ට මීළඟ තරග දෙක අහිමි වනු ඇති අතර ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකුට අවස්ථාව හිමිවනු ඇත.

නුවන් ඇෆ්ගනිස්තානය සමගින් පැවති තරගයේදී ලකුණු 36කට කඩුලු 4ක් දවාගනිමින් ශුී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට සෘජුවම දායක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here