නුවන් ප්‍රදීප්ට ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පවතී දිව රාත්‍රී තෙදින පුහුණු තරගය අතරතුරදී කලව ආශ්‍රිත මස් පිඬු ආබාධයටකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩාක නුවන් ප්‍රදීප් යළි ශ්‍රී ලංකාව බලා පිටත්කර එවා ඇති අතර, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාව බලා යැවීමට සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔහු මෙම සංචාරය තුල ආබාධයට ලක්වූ දෙවැනි ශ්‍රී ලංකික ක්‍රීඩකයා වන අතර මීට පෙර කුසල් මෙන්ඩිස් ඇඟිල්ලේ ආබාධයට ලක්වූ අතර මේ වනවිට ඔහුගේ තත්වය සුව අතට පත්ව ඇත.

එම පුහුණු තරගයේදී නුවන් ප්‍රදීප් හට යැවීමට හැකි වුයේ පන්දුවාර 2ක් පමණි. ඉන් අනතුරුව ඇතිවූ අබාධ තත්වය හේතුවෙන් ඔහුව පිටියෙන් ඉවත්කර ප්‍රතිකාර සඳහා යොමුකර තිබුණි. ශ්‍රී ලංකා සංචිතය තුල වේගපන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල්, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර හා කසුන් රාජිත සිටින නිසාවෙන් නුවන් ප්‍රදීප් වෙනුවට ක්‍රීඩා කරන හෝ සංචිතයට ඇතුළත් වන ආදේශක ක්‍රීඩකයෙක් මෙතෙක් නම් කර නොමැත.

මෙම තරගාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටි වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ජොෂ් හේසල්වුඩ්‍ ද කොන්ද ප්‍රදේශයේ හට ගත් ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව ඇත. ඔහු වෙනුවට දකුණතින් වේග පන්දු යවන ජයි රිචඩ්සන් සංචිතයට කැඳවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here