නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි.

වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි.

ඒ සම්බන්ධයෙන් අද දින ඔහු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව වාර්තා වන අතර නුවන් කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 184 කදී කඩුලු 199 ක් දවාගෙන ඇති අතර ටෙස්ට් තරඟ 21 කදී කඩුලු 48ක් දවා ගැනීමට සමත්ව ඇත.

එමෙන්ම නුවන් කුලසේකර ශ්‍රී ලංකා වෙනුවෙන් විස්සයි විස්ස තරඟ 58කදී කඩුලු 66ක් බිඳ හෙලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here