මීටර් 800 ඉසව්වේ කාන්තා ජාතික වාර්තාවට හිමිකම් කියන නිමාලි ලියනාරච්චිගේ සූරියවැව පිහිටි අර්ධ වශයෙන් ඉදිකර තිබෙන නිවසේ ඉදිරි වැඩකටයුතු සිදුකර දීමට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දු වී තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ නිවෙස නිරීක්ෂණය කිරීමට ඉකුත්දා එහි ගොස් තිබුණු අතර නිවෙසේ ඉතිරි ඉදිකිරීම් පුද්ගලික පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ඉදිකරදීමට ද අමාත්‍යවරයා පොරොන්දු වී තිබුණි.