නැගී එන කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා බංගලාදේශ නැගී එන කණ්ඩායම අතර පවතී නිල නොවන ටෙස්ට් තරයය අද (30) ජය පරාජයෙන් තොරව අවසන් විය. වර්ෂාව නිසා තරගය නියමිත් වෙලාවට කලින් අවසන් කිරීමට සිදුවිය.

තෙවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට, අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 54 ක් පමණි.

දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැඟී එන පිල වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය. සයිෆ් හසන් නොදැවී ලකුණු 40 ක් සහ සකීර් හසන් නොදැවී ලකුණු 25 ක් ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටියහ.

දෙරට නැඟී එන කණ්ඩායම් අතර දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ලබන මස 3 වැනිදා ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

බංග්ලාදේශ නැඟී එන පිලේ පළමු ඉනිම – සියලු දෙනා දැවී 360
ශ්‍රී ලංකා නැඟී එන පිලේ පළමු ඉනිම – සියලු දෙනා දැවී 244
බංග්ලාදේශ නැඟී එන පිලේ දෙවැනි ඉනිම – කඩුලු 4 ක් දැවී 102

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here