නැගී එන කණ්ඩායම්හි ආසියානු ශූරතාවය පාකිස්ථානයට

නොවැම්බර් මස 13 වැනිදා සිට 23 වනදා දක්වා බංග්ලාදේශයේදී පැවති නැඟී එන කණ්ඩායම්හි ආසියානු ශුරතා තරගාවලිය – 2019 ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන නැඟී එන කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 77කින් පරාජයට පත් කරමින්.

23 වනදා ඩකාහි ශ්‍රේ ඊ බංග්ලා ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 301ක් රැස්කරගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 43.3 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 224ක් පමණයි.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම තරගය ලකුණු 77කින් ජයගනු ලැබුවා.

තරගයේ වීරයා – රෙහේල් නසීර් (පාකිස්ථාන කණ්ඩායම)
තරගාවලියේ වීරයා – සෞම්‍ය සර්කර් ( බංග්ලාදේශ කණ්ඩායම)

පාකිස්ථාන ඉණිම
රෙහේල් නසීර් – 113, ඉම්රාන් රෆීක් – 62, සවුද් ශකීල් – 42, කුෂ්දිල් ෂා – 27, හයිඩර් අලී – 26, අමඩ් බට් – නොදැවී 15, ඕමයිර් යුසුෆ් – 04
සුමන් ඛාන් – 75/3, හසන් මහ්මුද් – 52/2, මෙහෙදි හසන් – 39/1

බංග්ලාදේශ ඉණිම
අෆීෆ් හොසේන් – 49, නජ්මුල් හොසේන් – 46, මෙහෙදි හසන් – 42, යසිර් අලී – 22, මොහොමඩ් නයීම් – 16, සෞම්‍ය සර්කර් -15, ශකිර් හසන් – 09, හසන් මහමුද් – 08, ටන්වීර් ඉස්ලාම් – 05, මහිදුල් ඉස්ලාම් – 05, සුමන් ඛාන් – 03
මොහොමඞ් හස්නයින් – 32/3, සෆීෆ් බාදර් – 27/2, කුෂ්දිල් ෂා – 39/2, අමඩ් බට් – 29/1, සමීන් ගුල් – 43/1, උමෙර් ඛාන් – 52/1

පසුගිය වසරේ මෙම තරගාවලියේ ශුරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට මුලික වටයේ තරග තුනම පරාජය වීම හේතුවෙන් මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here