නැගි එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට

ශ්‍රී ලංකා නැගි එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් නම්කළ සංචිතයේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබේ. ඊයේ (11) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් එම සංචිතය මාධ්‍ය වෙත නිකුත් කළේය.

මෙම තරග සංචාරයට සිව්දින තරග දෙකක් සහ දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල කණ්ඩායම සහභාගී වන තුන්කොන් තරගාවලියක්ද ඇතුලත්ය. තරගාවලිය ජූනි 29 වැනිදා සිට ජූලි 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිත දෙක සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සඳුන් වීරක්කොඩි, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ලහිරු මදුසංක, අමිල අපොන්සු හා ලසිත් ඇඹුල්දෙනිය ද ඇතුළත් කර අත.

පසුගිය දා නිමාවුණු ශ්‍රී ලංකා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ කඩුලු 8ක් බිඳහෙලමින් වැඩිම කඩුලුලාභියා බවට පත්වූ ඩිල්ෂාන් මදුසංඛ ද මෙම සංචිතයට එකතු කර ඇත්තේ දකුණු අප්‍රිකානු අත්දැකීම් ලබාගැනීම සඳහාය. 2020 වසරේදී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේද දකුණු අප්‍රිකාවේදී බැවින් එම අත්දැකීම් ශ්‍රී ලංකාවට බෙහෙවින් වාසිදායක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here