නායකත්වයෙන් ඉවත් කළත් මගේ සහාය ලබා දෙනවා-මාලිංග

තමාව විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් කළද ඉන්පසුවත් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ආරම්භ වීමට නියමිත තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා ආරම්භ වන අතර ඉන් අනතුරුව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබෙන්නේ ලසිත් මාලිංගටයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විස්සයි විස්ස නායක ලසිත් මාලිංග මෙසේ පැවසීය.

“2020 වෙන කොට පසුබෑමකට ලක්වෙලා දැන් තමයි පේන්නේ තරග පරාජ වෙනවා කියලා. කණ්ඩායමේ තනි ක්‍රීඩකයන්ගේ දක්ෂතා ආවේ නැහැ

මගේ නායකත්වය ප්‍රශ්නයක් නෙවෙයි. ඉදිරියේදී ක්‍රීඩා කරනවද නැද්ද කියලා තීරණය කරන්න. නායකත්වයෙන් ඉවත් කළත් මගේ සහාය ලබා දෙනවා. මම අති අතින් හරි තරගයක් ජයග්‍රහණය කරවනවා. මගේ ක්‍රිකට් බලාපොරොත්තුව ඒක“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here