නව ක්‍රීඩා ඇමැති නාමල්ට උණුසුම් සුබපැතුම්

නව ආණ්ඩුවේ තරුණ හා ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (12 වැනිදා) දිවුරුම් දුන් නාමල් රාජපක්ෂ මහතාට Sports Today වෙබ් අඩවිය උණුසුම් සුබ පැතුම් පුදකරයි. මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි ඵෙතිහාසික මඟුල් මඩුවෙදී නව ඇමැතිවරු දිවුරුම්දීම සිදුවිය.

නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තුවට පත්වූයේ තෙවැනි වරටය. 2010 වසරේ පළමු වරට පාර්ලිමේන්තතුවට තේරීපත්වූ ඒ මහතා 2015 දි යළිත් වරක්  පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පසුගිය දස වසර පුරා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස යුතුකම් හා වගකීම් මනාව ඉටුකළ නාමල් රාජපක්ෂ මහතා වඩා පරිණත දේශපාලඥයෙක් බවට පත්වූ පසු හිමිවූ පළමු ඇමැති ධුරය ක්‍රීඩා ඇමැති ධුරය වීම රටේ ක්‍රීඩාවේ හෙට දවසේ අරුණළු  පිළිබඳ රටටම කියාපන්නකි.

ගල්කිස්ස් සාන්ත තෝමස් විද්‍යාල්‍යයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වන එතුමා එම විද්‍යාලයේ සියලුම වයස් කාණ්ඩවල රග්බි කණ්ඩායම් නියෝජනය කළේය. ඒ අතරතුර ඔහු වයස අවුරුදු 16න් පහළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වයද හෙබවීය. හෙතෙම 2005 වසරේදී පාසල් රග්බි කණ්ඩායමේ නායකත්වයට ද පත්විය.  මේ අතරතුරදී 2004 වසරේදී නාමල් රාජපක්ෂ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වයට ද පත්විය.

කාඩීෆ් විශ්වවිද්‍යාලයේ රග්බි කණ්ඩායම 2005 හා 2006 වසරවලදි නියෝජනය කළ හෙතෙම 2009 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමද  නියෝජනය කළ ඔහු 2010 වසරේදී එහි නායකත්වයට පවා පත්විය. 2010 වසරේදීම ජාතික රග්බි කණ්ඩායමට තේරීපත්වූ හෙතෙම 2013 වසරේදී එහි නායකත්වද හෙබවීය. 2014 වසරේදී ඔහු රග්බි ක්‍රීඩාවෙන් විශ්‍රාම යනතුරුම රග්බි නායකයා ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here