නවසීලන්ත සංචාරය තුළදී සිදුවූ සියල්ල තිසර ලියුමකින් ක්‍රිකට් CEOට කියයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය අතරතුරදී සිදූවූ ඇතැම් සිදුවීම් හා ඒවා සමාජ ජාලා සහ මාධ්‍ය වල පළවූ ආකාරය නිසාවෙන් තමා දැඩි චිත්ත පීඩාවකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන තිසර පෙරේරා ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ඊයේ (29) දැනුම් දී ඇති බව වාර්තා වේ.

එහිදී ඔහු සදහන් කරන්නේ ඔහු හා තවත් ජේෂ්ඨ ක්‍රීඩකයෙකු සම්බන්ධව ඇතිවූවායැයි පැවසෙන සිදූවීම් නිසාවෙන් තමා පිළිබදව ජනතාවට ඇති විශ්වාසය පවා අඩුවිය හැකි බවයි. තවද තමා කණ්ඩායමට ඇතුළත්වූයේ කිසිවෙකුගේ හෝ විශේෂත්වයක් අනුගහයක් මත නොවන බවද ඔහු පෙන්වා දෙයි.

තිසර මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර නායකත්වයක් යටතේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යාම මිස, කොටස් වශයෙන් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් ඵලක් නොවන බවයි.

එම ලිපිය පහත දැක්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here