නවසීලන්ත පළමු ඉනිම 249 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් 
නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 249ක් ලබා සිටියදී සියලුදෙනා දැවී ගියා.

දඟ පන්දුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය වගකීම මැනවින් ඉටුකළ අකිල ධනංජය පන්දුවාර 30 ක් යොමුකරමින් කඩුලු 5 ක් දවාගැනීමට සමත්වූවා. එමෙන්ම සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 15 යි පන්දු 2 ක් යොමුකරමින් කඩුලු 4 ක් දවාගත්තා. ඊට නිලකුණු පන්දුවාර සංඛ්‍යාව 5 ක් ද ඇතුලත් උනා.

නවසීලන්තය වෙනුවෙන් රෝස් ටේලර් ලකුණු 86 ක් රැස්කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here