නවසීලන්තය ප්‍රබල ඉන්දියාව 179කට සීමා කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පවත්වනු ලබන පුහුණු තරග අතුරින් අද (25) ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු කට සීමා කිරීමට නවසීලන්තය සමත්විය. තරගය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. කොළ පැහැති තණකොළ සහිත තණතීරුවේ සහය උපරිමයෙන් ලබාගත් නවසීලන්ත ආරම්භක පන්දුයවන්නන් යුගලය ආරම්භක පිතිකරුවන් යුගලය ඇතුලු නම් දැරූ පිත්කරුවන් සියලල්ලන්ම ක්‍රීඩාගාරයට හරවා ඉක්මන්න්ම හරවා යැව්වේ ඔවුන් ඉක්මනින්ම නරඹන්නන් බවට පත්කරමිනි. මේ සඳහා සෙසු පන්දුයවන්නන්ගෙන්ද ලැබුනේ සුවිසල් සහයකි.

ඉන්දීය ඉනිමේ සාර්ථකත්වයට පත් එකම පිතිකරුවා වූයේ අර්ධ ශතකයක් ලබාගත් රවීන්ද්‍ර ජඩේජා පමණි. ඔහු ලකුණු 54ක් ලැබීය. ඒ අතරතුර පාන්ඩ්‍යා ලකුණු 30ක් ඉන්දීය ඉනිමට එකතු කළේය.

ලකුණු 115කට කඩුලු 8ක් බිඳවැටී තිබියදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 150ක් හෝ ලබාගැනීමට අපහසු තත්වයකට පත්ව තිබුණි. ඉන් අනතුරුව ජඩේජා විසින් ඉන්දීය ඉනිම යම් ගෞරවණීය තත්වයකට රැගෙන එන ලදි.

පන්දු යැවීමේදී බෝලට් කඩුලු 4ක්, නීෂාම් කඩුලු 3ක් ද බිඳහෙලීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here