නවසීලන්තය අසරණ කර එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසෙයි

එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ (03) පැවැති තරගයෙන් එංගලන්තය ලකුණු 119ක විශිෂ්ට ජයක් ලැබීමට සමත්වීමත් සමග නවසීලන්ත කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.

ඒ පාකිස්තානය හා බංගලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිත තරගය පාකිස්තානය ජයගැනීමේ අවදානමක් නවසීලන්තයට පවතින බැවිනි.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8කට ලකුණු 305ක් රැස්කළේය. ජොනී බ්‍රෙස්ටෝ මෙවර තරගාවලියේ ලැබු දෙවන ශතකය ඊයේ වාර්තා කළේ ලකුණු 106ක් ලබාගනිමිනි. ජේසන් රෝයි ලකුණු 60ක් ලබාගත්තේය.

ලකුණු 306ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට පන්දුවාර 45කදී සියලුදෙනාම දැවී ලබාගතහැකි වූයේ ලකුණු 186ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ටොම් ලැතම් ලකුණු 57ක් ලබාගත්තේය. එංගලන්තය වෙනුවෙන් මාර්ක් වුඩ් ලකුණු 39කට කඩුලු 3ක් බිඳහෙලීය.

ඒ සමගම එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ලකුණු12ක් ලබාගනිමින් ලකුණු සටහනේ තෙවැනයා බවට පත්වෙමිනි. ඕස්ට්‍රෙලියාව හා ඉන්දියාව පිළිවෙලින් එහි පළමු හා දෙවැනි ස්ථාන හිමිකරගෙන සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here